1000කට අධික ලාංකිකයන් පිරිසක් අද දිනයේදී දිවයිනට


විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයන් දාහකට අධික පිරිසක් අද (09දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

අද අලුයම 1.15 ට කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසුව මෙතෙක් මෙරටට පැමිණි වැඩිම ශ්‍රී ලාංකිකයන් රැගත් ගුවන් යානය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 420 දෙනෙකු රැගෙන ඩුබායි සිට  එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

එමෙන්ම අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 668 දරන ගුවන් යානයෙන්  ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි ගුවන් මගීන් 43 දෙනෙකු රැගෙන පැමිණ තිබූ අතර , එයින් 27 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වන අතර , ඉතිරි 16 දෙනා ශ්‍රී ලංකාවේ සේවය කරන විදේශීය  තානාපති නිලධාරීන් වේ.

එසේම අද දින තවත්  ශ්‍රී ලාංකිකයන් 736 දෙනෙකු කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත රටවල් 04 ක සිට ගුවන් යානා 04 කින් පැමිණීමට නියමිතය .

මෙයින් ශ්‍රී ලාංකිකයන් 08 දෙනෙකු ප්‍රංශයේ පැරිස් නුවර සිට  සහ සිංගප්පූරුවේ සිට ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු 8/08 දින සවස   කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලාංකිකයන්  422 දෙනෙකු සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට තවත් ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු සවස  මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.



Recommended Articles